Thursday, May 19, 2016

Is CFL good to health?? ( CFL බල්බයේ කතාව..)

CFL බල්බය දැවී ගිය පසු කාල බෝම්බයකි...


ඔබගෙ නිවසේ දැවී ගිය CFL බල්බ වලට කරන්නෙ කුමක්ද කියා ඔබ දන්නවාද??

කියුබානු වැසියෙකු තම කාමරයේ දැවී ගිය CF බල්බයක් එය සිසිල් වන්නට පළමු නොසැලකිල්ලෙන් ඉවත් කරන්නට යාමේදී රත්ව තිබූ බල්බය බිම වැටී පුපුරා ගිය අතර, බල්බයෙ තිබුණු රසදිය වාෂ්පය තැවරී තිබුණු වීදුරු කැබැල්ලකට ඔහුගෙ පාදයක් කැපිණ.
අනතුරුව රෝහල් ගත කෙරුණු ඔහු හට සති කීපයක් යන තෙක්ම දැඩි සත්කාර ඒකකයේ තබා ප්‍රතිකාර කරන්නට සිදු වූ අතර. ඉනුත් මාස ගණනාවක් යන තෙක්ම මේ අසරණයාගේ පාදයේ ඇති වී තිබුණු තුවාලයෙන් මස් කුණු වී, දිය වී යන්නට වූයෙන් දීර්ඝ කාලයක් යන තෙක් ඔහුට රෝහලෙ රැඳී සිටින්නට විය.

  බලශක්ති සංරක්ෂණය කරගැනීමේ ,විදුලි බිල ඉතිරිකරගැනීමේ හා පරිසර හිතකාමී හරිත නිෂ්පාදනයක් ලෙස මෙම CFL බල්බ ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින අතර, ලොව අතැම් රටවල් සාම්ප්‍රදායික බල්බ භාවිතා කිරීම තහනම් කරමින් CFL බල්බ භාවිතය අනිවාර්ය කරමින් නීති රෙගුලාසි පණවමින් ද  සිටී.


වසරින් වසර නිවෙස් තුළ,පාරේ තොටේ,ගංගා  ඇළ දොළවල් තුළ එකතු වන භාවිත කර ඉවත් කල CFL බල්බ වලට කළ යුතු දේ, නො එසේනම් ඒවා පරිසර හිතකාමි ලෙස බැහර කරන්නේ කෙසේ දැයි (මෙම බල්බ හරියටම වගකීම් කාලය ඉක්ම ගිය වහාම දැවී යන ලෙස නිෂ්පාදනය කරන්නට වග බලා ගත්තද) හෝ කිසිදු බලධරයෙකු අපට කිය නොදෙන බැවින් වත්මන් සමාජය මදි නොකියන්නට අත්විදින පාරිසරික හ සෞඛ්‍ය ගැටලු වලට අමතරව තවත් ගැටලුවක් බවට පත් වන්නට පෙරාතුව මේ පිළිබඳව අවධානය යොමුකල යුතුය.

No comments:

Post a Comment