Monday, March 7, 2016

Generations of Computer

පරිගණක ඉතිහාසය

ඈත අතීතයේදී මිනිසා ගණනයන් කිරීම සඳහා අතහි හා පාදයෙහි අගිලි යොදාගන්නා ලදි නමුත් කල්යාමත් සමගම සංඛ්‍යාවලට සංකේත ආදේශ කිරීමත් සමග තමන්ට වඩාපුළුල් පරාසයක වැඩකිරීමේ හැකියාවක් ඇතිබව තේරැම්ගන්නා ලදි. ඒමනිසා සංඛ්‍යා හා ඉලක්කම් ලෝකයට බිහිවිය. මෙවායින් හින්දු අරාබි ඉ‍ලක්කම් හා රෝම ඉලක්කම් අදවනවිටද භාවිතයේ ඇත. අංක ක්‍රමයත් සමග මිනිසා විශාල පරිමාණයේ ගණිත කර්ම (Mathematical Operations) කිරීම ආරමභ කරණලදි. ඒ වානම් එකතුකිරීම, අඩුකිරීම, බෙදීම, ගුණකිරීම ලෙසවේ. මෙම ගණිත කර්ම දියුණුවත්ම මිනිසා මේවා පහසුකර ගැනීම සදහා විවිධ උපකරණ නිර්මාණයට උනන්දුවිය. මෙලෙස අවුරැදු 5000 පමණ ඈත අතීතයේ දී ඇබකසය (ABACUS) නමි උපකරණය බිහිවිය. මෙහි Beads නමින් හදුන්වන කුඩා කොටස් සිරස් කූරු මත ඇති අතර යම් ක්‍රමවේදයක් අනුගමණය කරමින් ඉතා ඉක්මනින් ගණනය කිරීම් කරගත හැක. මෙ මගින් එකතුකිරීම, අඩුකිරීම, බෙදීම, ගුණකිරීම කිරීමට සමත්විය.

1600-1900 දක්වා.

1642 දී Blaise Pascal විසින් Adding Machine නැමැති උපකරණය නිපදවාගන්නා ලදි. මෙය ලොව පළමුවන යාන්ත්‍රීක ගණික කර්ම කරන උපකරණය වෙයි. මෙහිදී පැස්කල් රෝද වැනි උපාංග භාවිතා කරමින් ගණනය කිරීම් කර ඇත. 1674 Gottfried Wilhelm Von Leibnitz විසින් Pascal ගේ මෙම උපකරණය වැඩිදියුණු කර ඇත. මෙම වැඩිදියුණු කිරීමත් සමගම බෙදීම, ගුණකිරීම වඩා පහසුවෙන් කරගත හැකි විය. කාර්මීකරණ වීමත් සමග Joseph Jacquard නම් ප්‍රංශ ජාතික විද්‍යාඥයා Punch Card System මගින් ක්‍රියාකරණු ලබන රෙදිවියන යන්ත්‍රයක් නිර්මාණය කරණ ලදි. මෙහි Punch Card වෙනස් කිරීම මගින් රෙදි විවීමේ රටාව වෙනස් කිරීමේ හැකියාවක් තිබුනි. මෙම Punch Card මත සිදුරු තිබූ අතර ඒවා වෙනස් කිරීම මගින් රටාව වෙනස් කරගැනීමට හැකි විය. මෙය Jacquard loom (ජැකාර්ඩ් අළුව) ලෙස නම් කරණ ලදි මෙම පන්ච් කාර්ඩ් සංකල්පය ඉංග්‍රීසි ගණිතඥයකුවන Charles Babbage ට අසන්නට ලැබුනි. ඔහු එම සංකල්පය භාවිත කර Analytical Engine නම් උපකරණය නිර්මාණය කිරීම පටන්ගන්නා ලදි. නමුත් එම වකවානුව තුල තාක්ෂණය පහල මට්ටමකට පිහිටි බැවින් මෙම උපකරණය නිමාකිරීමට ඔහුට නොහැකි විය. මෙම උපකරණයට ගණිතකර්ම කිරීම ඒවා මතකයේ තැන්පත් කර තබාගැනීම හා තාර්කිකව සැසඳීම කිරීමේ හැකියාව තිබිනි. මෙහුගේ මෙම සංකල්පය පරිගණකයේ දියුණුවට ඉවහල් වීම නිසා මොහු පරිගණකයේ පියා ලෙස හදුන්වයි.

1900-1945

Harvard University හි Howard Aiken නම් පුද්ගලයා විසින් 1937දී Babbage ගේ උපකරණය නිපදවීමට කාලය එලඹ ඇති බව තීරණය කරණ ලදි. Harvard විශ්ව විද්‍යාලයේ තම සගයන් සමග හා IBM සමාගමේ සහය ඇතිව Automatic Sequence Control Calculator යන උපකරණය 1944 දී නිපදවන ලදි මෙය MARK I ලෙස නම් කෙරිනි. MARK I හට මූලික ගණිත කර්ම 4 සිදුකිරීමේ හැකියාව තිබිනි. මෙහි පාළනය සදහා යතුරු තිබුණු අතර යතුරු පුවරු වකට සමිබන්ධ කිරීම මගින් Punch Card මත පිලිතුරු සටහන් කරණ ලදි. මෙහි විද්‍යුත් යාන්ත්‍රික රිලේස් ((Electro Mechanical Relays) 3000 ක් පමණ පැවති අතර ටොන් 50 ක් පමණ බර විය. අවු:15 ක් පමණ මෙය භාවිතයේ පැවතුනි.

No comments:

Post a Comment