Monday, March 7, 2016

Histoy Of Android Systems

ඉතිහාසය

…ඇන්ඩ්‍රොයිඩ් සමාගම වසර 2003 දි ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා නුවර පාලෝ ඇල්ටෝ හිදී ඇන්ඩි රුබින්, රිච් මයිනර්, නික් සියර්ස් හා ක්‍රිස් වයිට් විසින් ආරම්භ කරන ලදි .
2005 අගෝස්තු මාසයේ දී ගූගල් සමාගම මගින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම අත්පත්කර ගන්නා ලදී. ඇන්ඩි රැබින්,රිච් මයිනර්,ක්රිස් වයිට් සහ නික්සියර්ස් යන හතර දෙනා එකතු වී 2001දී මුලින්ම …ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තනන ලදී.

විවෘත ජංගම උපකරණ සහයොගීතාවය

…2005 නොවැම්බර් 5වෙනි දින "විවෘත ජංගම උපකරණ සහයොගීතාවය" නම් වූ හමුවක් ජංගම උපකරණ නිපදවන සමාගම් රැසක සහයෝගීත්වයෙන් ඇතිකරගන්නා ලදී. එම සමගම් නම් බ්‍රොඩ්කොම් සමාගම ,ගූගල්එච්.ටී.සීඉන්ටෙල්, එල්.ජී, මාවෙල් තාක්ෂනින එකමුතුව,මෝටරෝලා, එන්වීඩියා, ක්වල් කොම්,සැම්සුන්, නෙක්ස්ට්ටෙල්, ටී-මොබයිල් සහ ටෙක්සාස් උපකරණ සමාගමයි.මේ එකමුතුවේ අරමුණ වුයේ ජංගම දුරකථන සදහා විවෘත ක්‍රමවේදයක් සකස් කර ගැනීමයි.එදිනම විසින් තම ප්‍රථම නිපයුම වන ඇන්ඩ්‍රොයිඩ් නැමති ලිනක්ස් නිකුතු 2.6 මත ගොඩනගනූ ලැබු ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය එලි දක්වන ලදී. 2008 දෙසැම්බර් 9 දින තවත් සමාගම් 16ක් මීට ඇතුලත් විය. ඒ අතර වෝඩෆොන් , හුවාවි සහ තවත් සමාගම් වෙයි.

ලියාපදිංචිය

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය, 2008, ඔක්තෝම්බර් 21 දින සිට " නිදහස් සහ විවෘත කේත මෘදුකාංග වරපත" යටතේ සියලු දෙනාට නිදහස්ව භාවිතා කල හැකි ලෙසට නිකුත් කරන ලදී. එහි සම්පූර්ණ කේතයද(දුරකථන හා ජාලකරණ කේතයන්ද ඇතුලු ) "අපාෂ් වරපත" යතතේ නිකුත් කරන ලදී. හඳුනාගනු ලැබූ මෘදුකාංග දෝෂ ලැයිස්තුවක් ද ගූගල් විසින් ප්‍රසිද්ධියේ පවත්වාගෙන යනු ලබයි.

සංස්කරණ ඉතිහාසය

ප්‍රථම නිකුතුවෙන් පසු නව සංස්කරණයන් කීපයක් ඇන්ඩ්‍රොයිඩ් සදහා නිකුත් කරන ලදී. සමාන්‍යයෙන් නව සංස්කරණ සදහා සංකේත නාම ලෙස යොදා ගනු ලබන්නේ අතුරුපස නාමයන් වෙයි. එසේම එම නම් ඉංග්‍රීසි භාෂාවේ අකාරාදී පිලිවෙළට සකස්කර ඇත.
  • 1.5 (කප් කේක්) - ජංගම දුරකථන සදහා
  • 1.6 (ඩෝනට්) - ජංගම දුරකථන සදහා
  • 2.0 (ඉක්ලෙයා) - ජංගම දුරකථන සදහා
  • 2.1 (ඉක්ලෙයා)- ජංගම දුරකථන සදහා
  • 2.2 (ෆ්‍රොයෝ )- ජංගම දුරකථන සදහා
  • 2.3 (ජීන්ජර්බ්‍රේඩ්)- ජංගම දුරකථන සදහා
  • 3.0 (හනිකොම්බ්)- ටැබ්ලට් පරිගණක සදහා
  • 3.1 (හනිකොම්බ්)'- ටැබ්ලට් පරිගණක සදහා
  • 3.2 (හනිකොම්බ්)'- ටැබ්ලට් පරිගණක සදහා
  • 4.0 (අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 4.1/4.2/4.3 (ජෙලි බීන්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 4.4 (කිට්කැට්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 5.0 (ලොලි පොප්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 5.1 (ලොලි පොප්)-ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
  • 6.0(මාෂ්මෙලෝ)-ජංගම දුරකථන සදහා
මෝටරෝලා සමාගම මගින් 2011-ඔක්තොම්බර් මස එළිදක්වන ලද ඩ්‍රොයිඩ් RAZR ඇන්ඩ්‍රොයිඩ්, අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච් අනුවාදය මුලින්ම යොදාගනු ලබන ජංගම දුරකථනයයි.
සැම්සුන් සමාගම මගින් එළිදක්වන ලද සැම්සුන් ගැලැක්සි නෙක්සස් ඇන්ඩ්‍රොයිඩ්, ජෙලි බීන් අනුවාදය මුලින්ම යොදාගනු ලබන ජංගම දුරකථනයයි.

Generations of Computer

පරිගණක ඉතිහාසය

ඈත අතීතයේදී මිනිසා ගණනයන් කිරීම සඳහා අතහි හා පාදයෙහි අගිලි යොදාගන්නා ලදි නමුත් කල්යාමත් සමගම සංඛ්‍යාවලට සංකේත ආදේශ කිරීමත් සමග තමන්ට වඩාපුළුල් පරාසයක වැඩකිරීමේ හැකියාවක් ඇතිබව තේරැම්ගන්නා ලදි. ඒමනිසා සංඛ්‍යා හා ඉලක්කම් ලෝකයට බිහිවිය. මෙවායින් හින්දු අරාබි ඉ‍ලක්කම් හා රෝම ඉලක්කම් අදවනවිටද භාවිතයේ ඇත. අංක ක්‍රමයත් සමග මිනිසා විශාල පරිමාණයේ ගණිත කර්ම (Mathematical Operations) කිරීම ආරමභ කරණලදි. ඒ වානම් එකතුකිරීම, අඩුකිරීම, බෙදීම, ගුණකිරීම ලෙසවේ. මෙම ගණිත කර්ම දියුණුවත්ම මිනිසා මේවා පහසුකර ගැනීම සදහා විවිධ උපකරණ නිර්මාණයට උනන්දුවිය. මෙලෙස අවුරැදු 5000 පමණ ඈත අතීතයේ දී ඇබකසය (ABACUS) නමි උපකරණය බිහිවිය. මෙහි Beads නමින් හදුන්වන කුඩා කොටස් සිරස් කූරු මත ඇති අතර යම් ක්‍රමවේදයක් අනුගමණය කරමින් ඉතා ඉක්මනින් ගණනය කිරීම් කරගත හැක. මෙ මගින් එකතුකිරීම, අඩුකිරීම, බෙදීම, ගුණකිරීම කිරීමට සමත්විය.

1600-1900 දක්වා.

1642 දී Blaise Pascal විසින් Adding Machine නැමැති උපකරණය නිපදවාගන්නා ලදි. මෙය ලොව පළමුවන යාන්ත්‍රීක ගණික කර්ම කරන උපකරණය වෙයි. මෙහිදී පැස්කල් රෝද වැනි උපාංග භාවිතා කරමින් ගණනය කිරීම් කර ඇත. 1674 Gottfried Wilhelm Von Leibnitz විසින් Pascal ගේ මෙම උපකරණය වැඩිදියුණු කර ඇත. මෙම වැඩිදියුණු කිරීමත් සමගම බෙදීම, ගුණකිරීම වඩා පහසුවෙන් කරගත හැකි විය. කාර්මීකරණ වීමත් සමග Joseph Jacquard නම් ප්‍රංශ ජාතික විද්‍යාඥයා Punch Card System මගින් ක්‍රියාකරණු ලබන රෙදිවියන යන්ත්‍රයක් නිර්මාණය කරණ ලදි. මෙහි Punch Card වෙනස් කිරීම මගින් රෙදි විවීමේ රටාව වෙනස් කිරීමේ හැකියාවක් තිබුනි. මෙම Punch Card මත සිදුරු තිබූ අතර ඒවා වෙනස් කිරීම මගින් රටාව වෙනස් කරගැනීමට හැකි විය. මෙය Jacquard loom (ජැකාර්ඩ් අළුව) ලෙස නම් කරණ ලදි මෙම පන්ච් කාර්ඩ් සංකල්පය ඉංග්‍රීසි ගණිතඥයකුවන Charles Babbage ට අසන්නට ලැබුනි. ඔහු එම සංකල්පය භාවිත කර Analytical Engine නම් උපකරණය නිර්මාණය කිරීම පටන්ගන්නා ලදි. නමුත් එම වකවානුව තුල තාක්ෂණය පහල මට්ටමකට පිහිටි බැවින් මෙම උපකරණය නිමාකිරීමට ඔහුට නොහැකි විය. මෙම උපකරණයට ගණිතකර්ම කිරීම ඒවා මතකයේ තැන්පත් කර තබාගැනීම හා තාර්කිකව සැසඳීම කිරීමේ හැකියාව තිබිනි. මෙහුගේ මෙම සංකල්පය පරිගණකයේ දියුණුවට ඉවහල් වීම නිසා මොහු පරිගණකයේ පියා ලෙස හදුන්වයි.

1900-1945

Harvard University හි Howard Aiken නම් පුද්ගලයා විසින් 1937දී Babbage ගේ උපකරණය නිපදවීමට කාලය එලඹ ඇති බව තීරණය කරණ ලදි. Harvard විශ්ව විද්‍යාලයේ තම සගයන් සමග හා IBM සමාගමේ සහය ඇතිව Automatic Sequence Control Calculator යන උපකරණය 1944 දී නිපදවන ලදි මෙය MARK I ලෙස නම් කෙරිනි. MARK I හට මූලික ගණිත කර්ම 4 සිදුකිරීමේ හැකියාව තිබිනි. මෙහි පාළනය සදහා යතුරු තිබුණු අතර යතුරු පුවරු වකට සමිබන්ධ කිරීම මගින් Punch Card මත පිලිතුරු සටහන් කරණ ලදි. මෙහි විද්‍යුත් යාන්ත්‍රික රිලේස් ((Electro Mechanical Relays) 3000 ක් පමණ පැවති අතර ටොන් 50 ක් පමණ බර විය. අවු:15 ක් පමණ මෙය භාවිතයේ පැවතුනි.

Computer science

පරිගණක ක්රියා කරන ආකාරය

සාමාන්‍ය භාවිත පරිගණකයක් ප්‍රධාන වශයෙන් මධ්‍යම සැකසුම් ඒකකය සහ පර්යන්ත උපාංග ලෙස කොටස් දෙකකට බෙදිය හැක. මධ්‍යම සැකසුම් ඒකකය තුල අංකගණිතමය හා තර්කණ ඒකකය (ALU) සහ පාලන ඒකකය (CU) ලෙස ප්‍රධාන කොටස් දෙකකි. සියළු තර්කන කටයුතු සහ සැකසීම් ALU තුල සිදුවන අතර උපාංග සහ ක්‍රියාවලි පාලනය Control Unit මඟින් සිදුවෙයි. මතකය (Memory) සහ ආදාන හා ප්‍රතිදාන උපාංග (එක්කොට I/O ලෙස හඳුන්වන) මෙම කොටස් වයර කාණ්ඩ වලින් බොහෝ විට සෑදී ඇති, “Bus” නමින් හඳුන්වන දත්ත හුවමාරු මාර්ග මගින් අන්තර්ව සම්බන්ධ වී අභ්‍යන්තරව සබැඳී ඇත.
පාලන ඒකකය (CU), ALU, රෙජිස්ටර් හා මූලික I/O (හා මේවා සමග සමීපව සම්බන්ධ කර ඇති අනෙකුත් දෘඩාංග) සමූහයක් ලෙස මධ්‍යම සැකසුම් ඒකකය (CPU) හඳුන්වනු ලැබේ. මුල්කාලීන මධ්‍යම සැකසුම් ඒකක (CPU) එකිනෙකට වෙන්වූ කොටස් කිහිපයකින් යුක්ත වන මුත් 1970 මැද භාගයේ සිට සාමාන්‍යයෙන් මේවා (microprocessor) ලෙස හඳුන්වන තනි සංගෘහිත පරිපථයක් ලෙස දැකිය හැක.

පරිගණක විද්‍යාව

පරිගණක  චිත්‍රකආගණනීය සංකීර්ණතාව සිද්ධාන්තය
ක්‍රමලේඛන භාෂා සිද්ධාන්තයමානව–පරිගණක අන්තර්ක්‍රියාව
පරිගණක විද්‍යාව හා ආශ්‍රය වන්නේ තොරතුරු හා ආගණනයෙහි සෛද්ධාන්තික පදනම් සහ ඒවා‍යේ ක්‍රියාත්මක කිරීම් සහ උපයෝගයෙහි ප්‍රායෝගික ශිල්ප ක්‍රම වේ.

රිගණක විද්‍යාව යනු තොරතුරු සහ පරිගණනය පිළිබඳ ක්‍රමානුකූල අධ්‍යයනයකි. පරිගණන පද්ධති හා ක්‍රම ශිල්ප, සැලසුම් ක්‍රම ශිල්ප, ඇල්ගොරිතම් (පියවර ක්‍රම‍වේද) සහ සංකල්ප පරීක්ෂා කිරී‍මේ ක්‍රම, විශ්ලේෂණ හා තහවුරු කිරීමේ ක්‍රම ශිල්ප යන විෂය කොටස් මෙයට ඇතුළත් වෙයි.

පරිගණක විද්‍යාව (හෝ සංඛ්‍යාන විද්‍යාව) යනු තොරතුරු හා පරිගණකකරණයේ සෛද්ධාන්තික පදනම හා ඒවා ක්‍රියාවෙහි යෙදවීම හා පරිගණක පද්ධතිවල යෙදුම් පිළිබඳ අධ්‍යයනයයි. පරිගණක විද්‍යාවේ උප ඒකක බොහොමයක් ඇත. සමහරක්, විශේෂිත ප්‍රතිඵලවල පරිගණනය මතුකර දක්වන අතර , (පරිගණක චිත්‍රන වැනි) අනෙක් ඒවා පරිගණක ගැටලුවල ගුණවලට අදාළ වේ. (පරිගණක සංකීර්ණතා සිද්ධාන්තය , Computational Complexity theory වැනි දේ) තවමත් සමහරක් ඒවා පරිගණක සම්බන්ධ ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අභියෝග පිළිබඳ අවධානය යොමු කරයි. උදාහරණ ලෙස ක්‍රමලේඛ භාෂා සිද්ධාන්තය , පරිගණක විස්තර කිරීමට ප්‍රවේශවීම පිළිබඳ අධ්‍යයනය කරන අතර පරිගණක ක්‍රමලේඛ මගින් පරිගණක ගැටලු විසදීම සඳහා විශේෂිත ක්‍රමලේඛ භාෂා යෙදවීම සිදු කරනු ලැබේ. තවත් උප - අංශයක් වන්නේ මිනිස් - පරිගණක අන්තර් ක්‍රියාකාරිත්වයයි. එමගින් පරිගණක හා පරිගණනය ප්‍රයෝජනවත්, භාවිතා කළ හැකි හා විශ්වීයව මිනිසාට භාවිතා කළ හැකි පරිදි කොටස් කිරීම ගැන අවධානය යොමු කර ඇත.

එදා මෙදා තුල පරිගණකය

පරිගණකය

පරිගණකයක් යනු දී ඇති උපදෙස් මත ක්‍රියාකරණ යන්ත්‍රයකි. වෙනත් ඕනෑම යන්ත්‍රයක් නිෂ්පාදනය කරන අවස්ථාවේම නිෂ්චිත කාර්යයක් සිදු කිරීම සඳහා සැලසුම් කරන නමුත් පරිගණකයක් සැලසුම් කරන්නේ එහි පරිගණක මතකයට (Memory) ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමටයි. ඒ අනුව පරිගණකය යනු ක්‍රමලේඛයක් මත ක්‍රියාවලිය පාලනය කල හැකි යන්ත්‍රයකි.



පරිගණකයේ ඉතිහාසය


ජැකාර්ඩ් රෙදි වියනය (Jacquard loom) මුල්ම ක්‍රමලේඛ කළ හැකි උපකරණ අතරින් එකකි.
පළමු පරිගණක ලෙස එක් උපකරණයක් නම් කිරීම අපහසුය. මන්දයත් ‘පරිගණකය’ යන වදන කාලාන්තරයක් තිස්සේ විවිධ අර්ථ කථනවලට හේතු පාදක වී ඇත. මුලින්ම පරිගණකය ලෙස හැඳින්වූ යේ ගණිතමය ගණනය කිරීම සිදු කළ පුද්ගලයන්ය. (මිනිස් පරිගණක - යාන්ත්‍රික ගණක උපකරණවල උදව් ඇතිව)
නූතන පරිගණකයේ ඉතිහාසය ආරම්භ වන්නේ එකිනෙකින් වෙන්වූ තාක්ෂණික ක්‍රම දෙකකිනි - ස්වයංක්‍රීය ගණනය කිරීම හා ක්‍රමලේඛනයේ හැකියාව.
මුල් කාලීන යාන්ත්‍රික ගණන උපකරණවලට උදාහරණ ලෙස ඇබකසය , සර්පණ රූල, තාර්කික තරු මාලිමාව හා ඇන්ටි කයිතේර (Antikythera) යාන්ත්‍රණය (150- 100 BC කාලයේ) දැක්විය හැකිය. මධ්‍යම යුගවල අවසානයේදී යුරෝපීය ගණිතයේ හා ඉංජිනේරු ශිල්පයේ යළි පිබිදීමක් ඇතිවිය. විල්හෙල්ම් ශිකර්ඩ්ගේ (Wilhelm Schikard) 1623 උපකරණය යුරෝපීය ඉංජිනේරුවන් විසින් නිපද වූ ප්‍රථම යාන්ත්‍රික ගණන යන්ත්‍රය විය. නමුත් මෙම උපකරණ කිසිවක් පරිගණකයේ නූතන අර්ථ දැක්වීමට නොගැළපේ. මන්ද යත් මේවා ක්‍රමලේඛගත කිරීමට නොහැකි බැවිනි.

NASA හි කොලොම්බියා සුපිරි පරිගණකය
ඇලෙක්සැන්ඩ්‍රියාවේ වීරයා (Hero of Alexandriya) (c.10 – 70AD) යාන්ත්‍රික රංග ශාලාවක් තැනූ අතර එහි මිනිත්තු 10ක නාට්‍යයක් ප්‍රදර්ශනය කරන ලදී. එය ක්‍රියාත්මක වූයේ කඹ හා බෙරවලින් යුක්ත වූ සංකීර්ණ පද්ධතියකිනි. යාන්ත්‍රණය කුමන කොටස කුමන වේලාවකදී කුමන ක්‍රියාව සිදුකරයි ද යන්න එමගින් තීරණය විය. මෙය ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ මූලාරම්භය වේ. 1801 දි ජෝසප් මේරි ජෙකාර්ඩ් (Joseph Marie jacquard) ඔහුගේ රෙදි පිළි වියනය වැඩි දියුණු කරන ලදී. එහි සංකීර්ණ රටා ස්වයංක්‍රීයව විවීම සඳහා සිදුරු සහිත කඩදාසි පත්‍රිකා භාවිතා කළ අතර මෙය පරිගණකවල දියුණුවේ වැදගත් පියවරක් වේ. මන්ද යත් වියන රටා නිර්ණය කිරීමට සිදුරු සහිත කාඩ්පත් භාවිතය මුල් කාලීන එහෙත් සීමා සහිත ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ ස්වරූපයකි.
ස්වයංක්‍රීය ගණනයේ හා ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ එකතුවීමේ ප්‍රථම පරිගණකය නිර්මාණයට හේතු විය. 1837 දී පූර්ණ ලෙස ක්‍රමලේඛගත කළ හැකි යාන්ත්‍රික පරිගණකයක් සංකල්පනය කිරීමේ හා සැලසුම් කිරීමේ පළමු වැනියා වීමට චාල්ස් බැබේජ්ට (Charles Babbage) හැකිවිය. ඔහු එය විශ්ලේෂණික එන්ජිම (Analytical Engine) ලෙස හැඳින්විය. සීමාසහිත මූල්‍යමය වත්කම් නිසාත් , නිර්මාණය අළුත්වැඩියා කිරීම් වළක්වා ගැනීමට නොහැකි නිසාත් බැබේජ් ඇත්ත වශයෙන්ම කිසිමදාක ඔහුගේ විශේලේෂණික එන්ජිම නිර්මාණය නොකරන ලදී.
1890 දී පැවැත්වූ එක්සත් ජනපද සංගණනයේ දී හර්මන් හොලේරිත් (Herman Hollerith) සැලසුම් කරන ලද පරිගණනය කිරීමේ ලැයිස්තුගත කිරීමේ හා ලේඛන ගත කිරිමේ සමාගම මගින් නිෂ්පාදනය කරන ලද විශාල පරිමාණ ස්වයංක්‍රීය සිදුරුපත් දත්ත සැකසුම් යන්ත්‍ර භාවිතා කරන ලදී. පසුව IBM බවට පත්වූයේ මෙයයි. 19 වන සියවස අවසානයේදි ප්‍රායෝගික පරිගණක යථාර්තයක් කර ගැනීමට අවශ්‍ය බවට පසුව ඔප්පු වූ තාක්ෂණ ක්‍රම ගණනාවක් මතුවීමට පටන් ගැණුනි. සිදුරු පත් , බූලියන් වීජ ගණිතය , රික්ත නළය හා ‍ටෙලි මුද්‍රකය ( Tele Printer) ඒ අතර වේ.
20 වන සියවස මුල් භාගයේදී බොහොමයක් විද්‍යාත්මක පරිගණක අවශ්‍යතා සපුරා ගත්තේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වූ ප්‍රතිසම පරිගණක (Analog Computers) මගින් වූ අතර ගණනය කිරීම් මත පදනම් වූ යාන්ත්‍රික හෝ විද්‍යුත් මොඩල භාවිතා විය. කෙසේ වුවත් මේවා ක්‍රමලේඛ කළ නොහැකි අතර නවතම ඩිජිටල් පරිගණක මෙන් නොව නිපුණත්වයෙන් හා නිරවද්‍යතාවයෙන් අඩු විය.