Sunday, May 22, 2016

විද්‍යාත්මක ක්‍රමය

විද්‍යාත්මක ක්‍රමය


රසායන විද්‍යා ක්ෂේත්‍රයේ මුල් අත්හදා බැලීම පිළිබඳ 18 වැනි සියවසේ නිරූපනයක්
නවීන විද්‍යාත්මක ක්‍රමය (හෙවත් විද්‍යාත්මක ක්‍රමය) යනු පවතින දැනුමක් නිවැරදි කිරීම, පවතින දැනුම ඒකාබද්ධ කිරීම හෝ නව දැනුම නිර්මාණය කිරීම පිණිස යම් සංසිද්ධියක් විමර්ෂණය කිරීම පිණිස යොදාගන්නානවීන විද්‍යාත්මක ශිල්පක්‍රම වල එකතුවයි. ගැටළුව හොඳින් සොයා බලලා නිසි පදනමක් ඇතිව, තාර්කිකව පිළිතුරක් ලබාගන්න ක්‍රමයකි. බොහොමයක් විද්‍යාත්මක පරීක්ෂණ වලට භාවිතා කරනු ලබන්නේ මේ ක්‍රමයයි.විද්‍යාත්මක ක්‍රමය යම් ගැටළුවක් තාර්කිකව විසඳා ගැනීමටත් නිරවද්‍යතාවයෙන් ඉහළ පිළිතුරු ලබාගැනීමටත් ඉතා හොඳ දර්ශකයකි. ගැටළුව විසඳා ගැනීමේදී අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග විද්‍යාත්මක ක්‍රමය මගින් පියවරින් පියවර සපයනු ලැබේ.

Thursday, May 19, 2016

Is CFL good to health?? ( CFL බල්බයේ කතාව..)

CFL බල්බය දැවී ගිය පසු කාල බෝම්බයකි...


ඔබගෙ නිවසේ දැවී ගිය CFL බල්බ වලට කරන්නෙ කුමක්ද කියා ඔබ දන්නවාද??

කියුබානු වැසියෙකු තම කාමරයේ දැවී ගිය CF බල්බයක් එය සිසිල් වන්නට පළමු නොසැලකිල්ලෙන් ඉවත් කරන්නට යාමේදී රත්ව තිබූ බල්බය බිම වැටී පුපුරා ගිය අතර, බල්බයෙ තිබුණු රසදිය වාෂ්පය තැවරී තිබුණු වීදුරු කැබැල්ලකට ඔහුගෙ පාදයක් කැපිණ.
අනතුරුව රෝහල් ගත කෙරුණු ඔහු හට සති කීපයක් යන තෙක්ම දැඩි සත්කාර ඒකකයේ තබා ප්‍රතිකාර කරන්නට සිදු වූ අතර. ඉනුත් මාස ගණනාවක් යන තෙක්ම මේ අසරණයාගේ පාදයේ ඇති වී තිබුණු තුවාලයෙන් මස් කුණු වී, දිය වී යන්නට වූයෙන් දීර්ඝ කාලයක් යන තෙක් ඔහුට රෝහලෙ රැඳී සිටින්නට විය.

  බලශක්ති සංරක්ෂණය කරගැනීමේ ,විදුලි බිල ඉතිරිකරගැනීමේ හා පරිසර හිතකාමී හරිත නිෂ්පාදනයක් ලෙස මෙම CFL බල්බ ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින අතර, ලොව අතැම් රටවල් සාම්ප්‍රදායික බල්බ භාවිතා කිරීම තහනම් කරමින් CFL බල්බ භාවිතය අනිවාර්ය කරමින් නීති රෙගුලාසි පණවමින් ද  සිටී.


වසරින් වසර නිවෙස් තුළ,පාරේ තොටේ,ගංගා  ඇළ දොළවල් තුළ එකතු වන භාවිත කර ඉවත් කල CFL බල්බ වලට කළ යුතු දේ, නො එසේනම් ඒවා පරිසර හිතකාමි ලෙස බැහර කරන්නේ කෙසේ දැයි (මෙම බල්බ හරියටම වගකීම් කාලය ඉක්ම ගිය වහාම දැවී යන ලෙස නිෂ්පාදනය කරන්නට වග බලා ගත්තද) හෝ කිසිදු බලධරයෙකු අපට කිය නොදෙන බැවින් වත්මන් සමාජය මදි නොකියන්නට අත්විදින පාරිසරික හ සෞඛ්‍ය ගැටලු වලට අමතරව තවත් ගැටලුවක් බවට පත් වන්නට පෙරාතුව මේ පිළිබඳව අවධානය යොමුකල යුතුය.

Sunday, May 8, 2016

පරමාණු බෝම්බයේ කතාව...E =MC^2



සාපේක්ෂතා වාදය තුල සැඟව ගිය පරමාණු බෝම්බයේ කතාව.
අයින්ස්ටයින්ගේ කටහඬ සිංහලෙන් අහමුද? 

This is the part 1 of "Story of the atomic bomb cloaked by relativity" story.


අද්භූත ආලෝකයේ හැසිරීම - Relativity (Part 3)

අත්භූත ආලෝකය... ආලෝකය සරල රේඛියවද ගමන් කරන්නේ??? 


The Mystery of Light and the Theory of Relativity.


දන්නවද ආලෝකයේ අද්භූත හැසිරීම විද්‍යාව තුල කතාබහ වෙන්න ගත්තේ අයින්ස්ටයින් මහත්තයට කලින්. එතකොට සාපේක්ෂතා වාදයට කලින් තව මොනවද ඒ සම්භන්දව විද්‍යාව තුල කතා උනේ.


video කතා  තුලිනි ..

Sunday, April 24, 2016

ආයෙත් වරක් ල‍ය්ව් සින්ග්.....

ආයෙත් වරක් ල‍ය්ව් සින්ග් කරපු  සින්දුව මෙතනින් බලන්න...


Wednesday, April 13, 2016

History of relativity........


 බොහෝ අය හිතන්නේ අයින්ස්ටයින් මහත්තයට කලින් සාපේක්ෂතා වාදයක් නැහැ කියල, බලන්නකො මේ අතීතකතාව.

Tuesday, April 12, 2016

[Video] සාපේක්ෂතා වාදය මුල සිට සරලව සිංහලෙන්

සාපේක්ෂතා වාදය කියන වචනය අසා නැති කෙනෙක් නැති තරම්. නමුත් සාපේක්ෂතා වාදය යනු කුමක්ද කියා ඇසුවොත් එයට පිළිතුරක් දෙන්න දන්නේ ඉතාමත් කිහිප දෙනයි.
සාපේක්ෂතා වාදය ගැන සිංහලෙන් තිබෙන පොත් පත් ඉතාමත් විරලය. ඒ වගේම අන්තර්ජාලය හරහා උනත්  සාපේක්ෂතා වාදය ගැන පුළුල්ව සදහන් වෙන බ්ලොග් අඩවියක් හොයාගන්න එක අපහසුය.
Video Katha වලින් සාපේක්ෂතා වාදය ගැන Video මාලාවක් කරන්න පටන් අරගෙන තියෙනවා. මේ තියෙන්නේ ඒවාගෙන් පළවැනි Video එකයි.සාපේක්ෂතා වාදය තේරුම් ගන්න එක මාරම ගේමක්. ඉස්කෝලේදිත් ඒක හරියට ඉගැන්නුවේ නැහැනේ. මේ වීඩියෝ බැලුවොත්, ඒක ටිකක් තේරුම් ගන්න පහසු වේවි.